බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවන වෙමින් තිබු ගාලුකුමාරි ශ්රිඝ්රගාමි දුම්රිය අද (16) උදැසන ගාල්ල කන්දවත්ත ප්රදේශයේ දි පිලි පැනිමකට ලක්ව ඇති බැව් ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.
ගාල්ල දුම්රිය ස්ථානය පසුකොට මිටර් 500ක් පමණ මෙකි දුම්රිය ධාවනය වෙමින් තිබියදි පිලිපැනිමට ලක්ව තිබේ.
මෙකි දුම්රිය පිටුපසින් හා ඉදිරිපසින් එන්ජිම් දෙකක් සම්බන්ධ කරගෙන ධාවනය වන දුම්රියකි. පිලිපැනිමෙන් පසු ඉදිරිපස කොටස දුම්රිය මැදිරි කිහිපයක් සමග යළි කොළඹ බලා ධාවනය කිරිමට දුම්රිය බලධාරින් පියවරගෙන තිබුණි. පිලිපැනිමෙන් දුම්රිය මාර්ගයේ සිල්බරකොටන් කිහිපයකටද හානිවි ඇත.
මැදිරි කිහිපයක් පිලිපැනිමට ලක්ව ඇති නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බධා පැමිණ තිබේ.
දුම්රිය මාර්ගයේ පිලිගතකිරිමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත් දුම්රිය මාර්ගය යලි යථා තත්ත්වයට පත්කිරිමට පැය කිහිපයක් ගතවිය හැකි බව ගාල්ල දුම්රිය ස්ථානයේ ප්රකාශකයකු සඳහන් කළේය. කොළඹ සිට ගාල්ල බලා ධාවනය වන දුම්රිය මේ වනවිට බුස්ස දක්වා පමණක් ධාවනය වන බවද එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.