ගල් අගුරු කෝච්චිය ධාවනය කිරීමේ දී සංචාරකයින්ට ඇති වූ ගැටළුවට හේතුව ඔවුන් සීමාව ඉක්මවා සිදු කළ ඇතැම් ක්‍රියාකාරකම් බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් ගල් අගුරු දුම්රිය කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වීමේ දී සිදුවූ කිසියම් කාරණයක් හේතුවෙන් එහි ගමන් ගත් සංචාරකයින් අපහසුතාවට පත් වූ බව මාධ්‍ය විසින් වාර්තා කළේය.
අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගිය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කාරණය සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් කරුණු විමසනු ලැබීය.ග
ඒ අනුව මෙම සිද්ධියේ දී ගල් අගුරු දුම්රියෙන් ගත් එම කරුණු නම් වටවල දුම්රිය ස්ථානයේ නැවැත්වීමට අනුමැතිය ලබා නොගෙන එම දුම්රිය ස්ථානයේ සීමාව ඉක්මවා ගොස් සංඥා කුළුණ ද ඉක්මවා යමින් නැවැත්වීම, ඡායාරූප ගැනීම සඳහා අනුමැතිය ලබා නොගෙන (ඒ සඳහා වෙනමම ගෙවීමක් දුම්රිය දෙපාර්තමේන්තුවට කළ යුතුය) වටවල හා දෙමෝදර දී දුම්රිය නවත්වා ඡායාරූප ගැනීමට යාම, ගල් අගුරු දුම්රියේ එන්ජිම ගලවා ඉදිරියෙන් ගමන් කළ ඩීසල් දුම්රිය එන්ජිමක් යොදවාගෙන මෙම ගල් අගුරු දුම්රිය පසුපසට තල්ලු කිරීමට කටයුතු කිරීම, එමගින් වෙනත් දුම්රියක ගැටීමට පවා ගොස් තිබීම වැනි විනය විරෝධී කරුණු ගණනාවක් සිදුවී තිබේ.
ගල් අගුරු දුම්රියේ ගමන් ගත් සංචාරකයින් අපහසුතාවට පත් වුයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවයක් නිසා නොව එහි ගමන් කළ සංචාරකයින් විසින් සිදු කළ විනය විරෝධී හා අනුමත කර නොගත් ක්‍රියාකාරකම් නිසා බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දී තිබේ.