ඒ ඒ ප්‍ර දේශ තුළ සිටින ගුරුවරුන්ට ඒ ඒ ප්‍ර දේශයේම පාසලක් ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
පාසලට විශේෂ පත්වීමක් ලෙස මෙම පත්වීම ලබාදෙන බවත් එම ගුරුවරයාට ඉන් අනතුරුව පාසල මාරු කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“පත්වීම දෙනවා පාසලට විශේෂ පත්වීමක් ලෙස. ඒ ගුවරුවරයා පාසලට සේවය කරන්න ඕන. වෙන පළාතකට මාරු වෙන්න බෑ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම පදිංචි ගුරුවරුන්ට අවස්ථාව දෙනවා. වෙන පළාතකට දෙන්නේ නෑ. එතකොට නිවසේ සිටම පාසලට යන්න පුළුවන්.
පළාතේ සිටින ගුරුවරුන්ට එම පළාතේම පාසල් ලබාදෙනවා. ඒ අයට වෙන පළාතක පත්වීම් ලබාදීම වෙනුවට.”