කොරෝනා වෛරසය ගර්භණී මවුවරුන්ට ආසාදනය වීමේ ඉහළ යාමක් ඉකුත් සති 3 තුළ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ පැවසුවේ මේ වනවිට කොරෝනා ආසාදිතව ගර්භණී මවුවරුන් 18 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර මේ වනවිට ගර්භණී මවුවරුන් 24,000 කට අධික පිරිසකට කොරෝනා එන්නත ලබාදී තිබෙනවා.