කොවිඩ් - 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. - උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම,ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක්.
එසේම රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.