දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මවුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සිය සංගමයේ ඉල්ලීම මත මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට අනුමැතිය හිමිවූ බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පෙන්වාදෙයි.
ඒ අනුව එම එන්නත්කරණ වැඩපිළිවෙල ලබන බදාදා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
එහි සමාරම්භක වැඩසටහන කාසල් වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිතය.