ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල තිබි ටී 56 ගිනිඅවි සදහා භාවිතා කරන මැගසින් 03ක් සහ ජිව උණ්ඩ 22ක් ධිවරයෙකුන් ලද තොරතුරක් මත අද (8) දින සොයා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
මින්නේරිය පොලිස්වසමේ ගිරිතලේ වැවේ පරණ සොරොව්ව අසල ජලය සිදි යැමත් සමග ධිවරයෙකු දැක ඒ බව පොලීසියට දැනුම් දි තිබේ .
පසුව මින්නේරිය පොලීසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දි මෙම ගිනිඅවි සදහා භාවිතා කරන උණ්ඩ සහ මැගසින් හමුව තිබේ.
මේ පිළිබඳ පොලීසිය පවසා සිටින්නේ කිසියම් පුද්ගලයෙකු සන්තකයේ තිබි වැවට ගෙනත් දමා ඇති බවයි. පසුව පොලීසිය විසින් වැව අවට සහ දියට බැස දැඩි පරික්ෂා කිරිමකට ලක් කලත් වෙනත් කිසිවක් හමු නොවු බව පොලීසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විරසේකර මහතාගේ නියෝග පරිදි හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි එම් එස් කේ වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි මින්නේරිය පොලිස්ථානාධිපති පොලිස්පරික්ෂක එස් ඩබ් ජේ තුෂාර මහතා මෙහෙයවිමෙන් මෙහි පරික්ෂණ සිදු කෙරේ.
හිඟුරක්ගොඩ - ඩබ්.ඒ පියතිලක