ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒමෙන් වළකින ලෙසට ගුරුකන්ද විහාර භූමියේ පිහිටි නීරාවිපුල්ලයාර් කෝවිලේ භාරකාර පිරිසක් කළ ඉල්ලීම මුලතිව් අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
කලක පැවැති අසනීපත තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ කොළඹ අපේක්ෂා රෝහලදී පසුගිය 20 දා අපවත්වූහ.
මේධාලංකාරකිත්ති හිමියන්ගේ ශ්රී දේහය අද (22දා) අලුයම මුලතිව් ගුරුකන්ද රජමහා විහාරට වැඩම කරවනු ලැබීය. ශ්රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (23දා) සිදුකිරීමට නියමිතය.