ඉකුත් 31 වන දින පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශ අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාමසේවා වසම්වලන් අහඹුලෙස තෝරාගත් පිරිසකගේ සිදුකල පී සී ආර් පරීක්ෂණවලට අනුව ඊයේ දින පුද්ගලයන් හයදෙනෙකු ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග ඔවුන් පදිංචි ග්‍රාමසේවා වසම් 02ක් ඊයේ 02 සවස සිට නැවත දැනුම්දෙනතුරු හුදකලා කල බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
පවුල් 360 කට අයත් පුද්ගලයින් 1376 කට ආසන්න පිරිසක් මෙහි පදිංචිව සිටින අතර ආසාධිතයන්ගේ පවුල් වල 13 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකල බවත් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ ඉදිරි දිනයක සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් පිරිසක් මෙසේ ආසාධිතයන් වී ඇති බවත් ප්‍රථිකාර සඳහා ඔවුන් නාරම්මල කොරෝනා ප්‍රථිකාර ඒකකයට යොමුකිරීමට කටයුතු කල බවද පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මිය පැවසුවාය.
පන්නල-හේමා රාජපක්ෂ