ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගෙන මුලු රටේම ගුරු-විදුහල්පතිවරුන් ලබන මාර්තු 16දා සිට දින 5ක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගුරු-විදුහල්පති දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අතරතුර දී පොලොන්නරුවේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම අවස්ථාවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ගුරු සංගම් නියෝජිතයින් කිහිප දෙනෙකු සහභාගී වී සිටි අතර එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලිං මහතා මෙසේ ද කීය.
"අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට අධ්‍යාපන ඇමතිවරයා දක්වාත් හිටපු අයත් කතා කරන්නේ ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන. ෆින්ලන්තයේ තමයි ලෝකයේ ඉහාළම වැටුපක් දෙන්නේ ගුරුවරුන්ට. ඔබ දන්නවා පසුගිය මාසේ 14 වෙනිදාත් ඒ වගේම 26 වෙනිදාත් උද්ඝෝෂණ කළා. 14 වෙනිදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා.
26 එක් දින වැඩවර්ජනයක් කළා. අසනීප නිවාඩු වාර්තා කිරීමක් කළා.නමුත් කිසිම පිළිතුරක් මේ සම්බන්ධයෙන් නෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන එළඹෙන 16 දා දවස් 5ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරලා තියෙනවා.
වැඩවර්ජන නිසා ළමයින් ට සිද්ධ වෙන හානිය ගැන වැටහීමක් තියෙනවා නම් ආණ්ඩුවට වැඩවර්ජන ඇතිවෙන්න කලින් ඒවා විසදීමේ වගකීම තියෙනවා. ඒ වගකීමක් ගන්නේ නැතුව කටයුතු කිරීම නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ.”