ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද (12) රැස්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කර ගුරු සංගම්වල අදහස්ද ලබා ගැනීමෙන් පසු එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍යවරුන් සිවු දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පත් කෙරුණේ පසුගිය සදුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.
එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුලත්.