ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.
අද (18) පැවැති මාධ්‍ය හමුවක දි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පුජ්‍ය යාල්වල පඤ්ඥාසේකර හිමි ප්‍රකාශ කළේ, ගුරු වැටුප් විෂමතා ගැටලුව විසදීම සහ කොතලාවල පනත අහෝසි කිරීම සිදුකරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
ඒ අනුව එළඹෙන ජුලි මස 22 වන දින කොළඹ දී දිවයිනේ සිටින සියලුම ගුරු - විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකිරීමට නියමිත බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.