ගැඹුරු මුහුදේ සිදුවූ අනතුරකින් තුවාල ලබා අසාධ්‍යව සිටි ධිවරයෙකු බේරා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 610 ක් ගැඹුරු මුහුදේදී සිදුවූ අනතුරකින් මෙම ධීවරයා තුවාල ලබා සිටියා.
මෙරට බහුදින යාත්‍රාවක සිටි මෙම ධීවරයා නාවික හමුදාවේ සයුරල නෞකාව මගින් හම්බන්තොට වරාය වෙත රැගෙන විත් හම්බන්තොට රෝහල වෙත අද දහවල් රැගෙන විත් තිබෙනවා.
ගාල්ල ධීවර වරායෙන් පසුගිය ජුනි මස 29 වනදායි මෙම ධීවරයා තවත් ධීවරයන් පස් දෙනෙකු සමග ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් තිබුණේ.