ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයින් 416ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 416 දෙනෙකු හමුව ඇති බවත් මින් 78 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ගම්පහ - 72 ක්, වත්තල - 45 ක්, ජාඇල - 43 ක්, අත්තනගල්ල - 41 ක්, බියගම - 27 ක්, දිවුලපිටිය - 23 ක්, කැලණිය - 20 ක්, මීරිගම - 19 ක්, දොම්පෙ - 17 ක්, මිනුවන්ගොඩ - 12 ක්, රාගම - 11 ක් සහ සීදූව - 8 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් කොරෝනා ආසාදිතයින් බවට සැකකෙරෙන 58 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,928 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,24,459 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

