පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය සති කිහිපය තුළ තමා පිළිබඳව අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම ඉතා වේගයෙන් සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
තමා සිදුකරන නොකරන ලද ප්‍රකාශ තමා සිදුකළ බවට ඒත්තු ගන්වමින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කරන බව ඔහු සිය පැමිණිල්ලෙන් සඳහන් කරයි.