ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1065 දෙනෙකු හමුව ඇති බවත් මින් 118 දෙනෙකු වන වැඩිම පිරිසක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15 මගින් ක්ෂේත්රයේ සිදු කළ පරීක්ෂාවන්හිදී ආසාදිතයින් 963 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණවලදී ආසාදිතයින් 102 දෙනෙකු මෙලෙස හමුව ඇති අතර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 16,101 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
අද වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29,831 දෙනෙකු හමුව ඇති අතර පුද්ගලයින් 2,65,995 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කොට ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක