කොවිඩ් 19 ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ සහ වතුපිටිවල යොවුන් සේනාංක මධ්‍යස්ථාන දෙකද යොදා ගැනීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම පියවර ගෙන ඇති බවත් එම ස්ථාන දෙක ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් සකස් කිරීමේ කටයුතු ගුවන් හමුදාවේ සහාය ඇතිව සිදු කෙරෙන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
ගම්පහ මධ්‍යස්ථානය සකස් කිරීම පිණිස රෝහල් සංවර්ධන පදනම, රෝහල් සංවර්ධන කමිටුව, පරිත්‍යාගශීලීන් සහ ගම්පහ පුරපති එරංග සේනානායක මහතා විසින් ද්‍රව්‍ය පරිත්‍යාග කළ බවත් ස්ථානයෙහි වාට්ටු සැකසීම පිනිස ගුවන් හමුදා සාමාජිකයින් සහ රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් කටයුතු කළ බවත් රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක සදහා වෛද්‍යවරුන් ඇතුළු අවශ්‍ය කාර්ය මණ්ඩලය ගම්පහ සහ වතුපිටිවල රෝහල් වලින් අනුයුක්ත කිරීමට නියමිත අතර ගම්පහ ප්‍රතිකාර මධ්‍යස්ථානය අද ආරම්භ කිරීම සඳහා අද (1) සිදුකළ නිරීක්ෂණයට රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ , නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, වෛද්‍ය නිලධාරී ( සැලසුම්) නිලංගී සුභසේකර, විශේෂඥ වෛද්‍ය රේණුකා අත්තනායක, පුරපති එරංග සේනානායක , හෙද පාලිකා ප්‍රියන්තිකා සිල්වා, රෝහල් සංවර්ධන පදනමේ උපදේශකා සුජාතා විජේසිංහ, රෝහල් කමිටු සභාපති රවීන්ද්‍ර ගණේගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ තිලකරත්න දිසානායක