කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිණිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16දා) සිට සතියක කාලයක් වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් නගරයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කළ බවත් බහුතරය වෙළඳසල් වසා දැමීමට කැමැත්ත පළ කොට ඇති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවත් ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා පැවසීය.
හෙට සිට ලබන 23 වෙනි දින දක්වා සතියක කාලයක් නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගනු ලබන බව ගම්පහ නගරාධිපතිවරයා, දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට තමන් සහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති සුසාන් කුමරප්පෙරුම විසින් පියවර ගෙන ඇති බව සංගමයේ ලේකම් සුමිත් අල්විස් මහතා වැඩිදුරටත් පැවසීය.