ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම නිසා ඇදන් 400 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත කෝවිඞ් 19 රෝග ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් යක්කල සහ අත්නගල්ල කොට්ඨාසවල ආරමිභ කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.
අත්තනගල්ල සහ යක්කල යොවුන් මධ්‍යස්ථාන දෙක තුළ මෙම ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙක ආරම්භ කිරිමේ වැඩ කටයුතු මේ වන විට යුද හමුදාව විසින් ආරමිභ කර ඇති අතර එයට යටිතල පහසුකම් කාර්ය මණ්ඩල සහ අවශ්‍ය වෛද්‍යවරුන් ගම්පහ සහ වතුපිටිවල දිසා රෝහල් මගින් ලබා දෙන බවද අධ්යයක්ෂකවරයා පැවසිය.
ගම්පහ දිස්ත්රික්නයේ අද (28දා) සවස 6 වන විට කෙරෝනා ආසාදිතයන් 3180 වාර්තා වි ඇති අතර ගමේපහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට පුද්ගලයන් 42292 පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමුකර ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.
මේ අතර කටුනායක ආයෝජන කලාපයෙන් රෝගින් 404 ක් බියගම අයෝජන කලාපයෙන් 12ක් කලාප වලට පිටතින් පවත්වාගෙන යන් ඇගලුම් කම්හල් වලින් රෝගින් 32 වාර්තා වී ඇති බවද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය.
ජාඇල තිස්ස කොට්න්කටුව