ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ සිට පැමිණ තලවකැලේ නගරයේ සංචාරක නිවාඩු නිකේතනයක නතරව සිටි පුද්ගලයන් 12කු හා එහි සේවකයන් හතර දෙනෙකු ඇතුළු පුද්ගලයන් 16කු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
පවුල් හතරකට අයත් මෙම පිරිස ඉකුත් 19 දින මෙසේ තලවකැලේට පැමිණ සංචාරක නිවාඩු නිකේතනයේ නවාතැම් ගෙන ඇති බවත් පසුව 21 දින ලැබුණු තොරතුරකට අනුව මෙසේ එම සංචාරක නිවාඩු නිකේතනය තුලම දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් හා තලවකැලේ පොලීසිය එක්ව කටයුතු කොට තිබේ.
නිවාඩු නිකේතනයේ සේවකයන් හතර දෙනාද නිවාඩු නිකේතනය තුලම ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
ශාන් හුලංනුගේ