ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් සත් මහල් ගොඩනැගිල්ලෙහි මේ දිනවල සිදු කෙරෙන අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එහි ශල්‍යාගාර හතක්ම වසා දැමීමට සිදුව තිබීම මත පැරණි ශල්‍යාගාරයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රෝහලෙහි සත් මහල් ගොඩනැගිල්ලේ මහල් අතර පවතින ජල කාන්දුව සැකසීමේ කටයුතු මෙලෙස සිදු කිරීම මත ප්‍රධාන ශල්‍යාගාර හතර සහ මධ්‍ය ප්‍රමාණයේ ශල්‍යාගාර තුනක් මෙලෙස වසා දමා ඇති බැවින් මේ වනවිට අක්ෂි , විකලාංග සහ උගුර, කණ , නාසය සම්බන්ධයෙන් වන ශල්‍යකර්මය සදහා පවා දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල් වෙත යැවීමට සිදුව ඇති බවත් පැරණි ගොඩනැගිල්ලෙහි පවතින ශල්‍යාගාරය කඩිනමින් වැඩි දියුණු කරගැනීමට සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.
පැරණි ගොඩනැගිල්ලේ පවතින ශල්‍යාගාරය වැඩි දියුණු කිරීම පිණිස ගුවන් හමුදාව මගින් ශ්‍රම දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව ඇති අතර මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෙන් කළ යුතුව ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.ඒ.සී.සකුන්තලා මහත්මියගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , එම පැරණි ශල්‍යාගාරය වැඩි දියුණු කරගැනීම සඳහා වූ සැලස්ම සකස් කොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට සහ ගම්පහ රෝහල් අධ්යක්ෂවරයා වෙත යවා ඇති බවත් එය අනුමත වූ පසුව අවශ්‍ය ඇස්තමේන්තුව සකස් කොට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යැවීමට පියවර ගන්නා බවත්ය.
ගම්පහ තිලකරත්න දිසානායක