ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 70 ක් ජාතික පාසල් ගණයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ අනුව ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් ගම්පහ ආසනයෙහි පාසල් - 6 ක්, අත්තනගල්ල ආසනයට අයත් පාසල් - 7 ක්, දොම්පෙ ආසනයට අයත් පාසල් - 5 ක් සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් මීරිගම ආසනයෙහි පාසල් - 5 ක් , දිවුලපිටිය ආසනයට අයත් පාසල් - 9 ක්, මිනුවන්ගොඩ ආසනයට අයත් පාසල් - 5 ක් ජාතික පාසල් ගණයට එක් කොට ඇත.
මේ අතර මීගමුව අධ්‍යාපන කලාපයට අයත් මීගමුව ආසනයෙහි පාසල් - 8 ක්, කටාන ආසනයෙහි පාසල් - 4 ක්, වත්තල ආසනයෙහි පාසල් - 5 ක් සහ මහර අධ්‍යාපන කලාපයට අයත් මහර ආසනයෙහි පාසල් - 3 ක්, බියගම ආසනයෙහි පාසල් - 4 ක් සහ කැලණිය ආසනයට අයත් පාසල් - 3 ක් එම ගණයට එක් කොට ඇත.
මේ යටතේ ගම්පහ අධ්‍යාපන කලාපයෙහි , යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලය, ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලය, ගම්පහ යසෝදරා දේවී බාලිකා මහා විද්‍යාලය, ගණේමුල්ල ගලහිටියාව හේමමාලී මහා විද්‍යාලය , මුදුන්ගොඩ හෙනරත්ගොඩ කැප්පෙටිපොල මහා විද්‍යාලය. ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය, එල්ලක්කල මහා විද්‍යාලය, රුග්ගහවිල පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි මහා විද්‍යාලය, වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලය, වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලය, වේයන්ගොඩ පත්තලගෙදර විද්‍යා ලෝක මහා විද්‍යාලය, කළගෙඩිහේන තිහාරිය අල් අසාර් මධ්‍ය මහා විද්‍යාලයත් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය, දෙකටන පද්මාවතී මධ්‍ය මහා විද්‍යාලය, රදාවාන තුංමංහන්දිය මහගම සේකර මහා විද්‍යාලය, පූගොඩ ඕවිටිගම බෝධිරාජ මහා විද්‍යාලය සහ දොම්පෙ දේවි බාලිකා මහා විද්‍යාලයද ජාතික පාසල් බවට පත් කොට ඇත.
ජාතික පාසල් බවට පත් කොට ඇති පාසල්වල ආරම්භක කටයුතු වෙනුවෙන් එක් පාසලකට රුපියල් ලක්ෂ 20 බැගින් වෙන් කොට ඇති බවත් එම මුදල් අදාල පාසල්වල ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. මල්ලවආරච්චි මහතා කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.
ගම්පහ තිලකරත්න දිසානායක