ගම්පහ නගරය ආශ්‍රිතව සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දහයක පමණ කොරෝනා ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා සෞඛ්‍ය අංශ සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
පාසල් කිහිපයක ගුරු භවතුන් , සිසුන් මෙන්ම සිසු දරුවන්ගේ මව් පියන් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බවත් අවශ්‍යතාවය අනුව පන්ති වශයෙන් සහ අංශ වශයෙන් දින කිහිපයක් සදහා වසා දැමීමට වුවද සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි පියවර ගත හැකි බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්යක්ෂවරයා කීය.
මේ අතර කොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ සම්බන්ධීකරණය යටතේ ඒ ඒ කොට්ඨාසයන්හි අවශ්‍ය තීරණ ගැනීමේ බලය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් හට ලබාදී ඇති බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
ගම්පහ තිලකරත්න දිසානායක