ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙහි නිලධාරිනියක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම මත අද (3) දහවල් එම අංශය වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම කාර්යාලයේ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරිනියක් ආසාදිතයෙකු බවට තහවුරු වීම මත එම අංශය ඉකුත් සතියේ වසා දැමීමට පියවර ගෙන තිබූ අතර එම කාර්ය මණ්ඩලය ඊයේ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගනු ලැබීය.
සැලසුම් අංශයේ ආසාදිත නිලධාරිනියගේ ළඟම ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුල සිදු කරන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය.
මේ අතර ගම්පහ නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඇතුලු ප්‍රධාන වෙළඳසල් පහකින් කොරෝනා ආසාදිතයින් හමුවීම මත එම ආයතන වසා දැමීමට පියවර ගෙන ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක