ගම්පහ පොදු වෙළඳ පොලෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු හමුවීම මත ඊයේ (6) සවස එම වෙළඳ පොල සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.
පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් දෙදෙනෙකු ආසාදිතයින් බවට හදුනා ගැනීම මත එහි 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට මෙලෙස තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
මේ අතර එම පොදු වෙළඳ පොලෙහි සෙසු වෙළඳුන් සහ ඒ ආශ්රිත වෙළඳසල්හි සේවය කරන්නන්ද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සදහා භාජනය කිරීමට පියවර ගන්නා බව වෛද්‍ය නිලධාරී වරයා කීය.
ගම්පහ තිලකරත්න දිසානායක