ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
ඉකුත් සිකුරාදා (15) සවස යතුරු පැදියකින් පැමිණ ඇති සැකකරුවන් තැන්පත් කරුවන් ලෙසින් මුල්‍ය ආයතනයට ඇතුලු වී කාර්ය මණ්ඩලයට ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා ඇති බවත් මොවුන් අත අත් බෝම්බයක් සහ ගිනි අවියක් තිබු බවට එම මූල්‍ය ආයතනය මගින් පැමිණිලි කොට ඇති බවත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරී (1) තුසිත කුමාර මහතා පැවසීය.
කොල්ලකරුවන් මූල්‍ය ආයතනයෙන් මුදල් රුපියල් ලක්ෂ 9 ක් සහ රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි කොට ඇති බවද සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.
සිද්ධියට අදාල කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම පිනිස ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා සහ මිනුවන්ගොඩ හා ගණේමුල්ල පොලිස්ථානාධිපති වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් තුනක්ද බුද්ධි අංශ දෙකක්ද යොදවා ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක