ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත ඔහු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
ඔහුට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් එම පරීක්ෂණ වාර්තා අනුව ආසාදිතයෙකු බව තහවුරු වීම මත රෝහල්ගත කිරීමට කටයුතු කළ බව ගම්පහ සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
මේ අතර ඔහු ඇසුරු කොට ඇති සමීපතමයින් සෙවීමට පියවර ගෙන ඇති බවත් මේ වනවිට ආශ්‍රිතයින් 75 දෙනෙකු පමණ ගම්පහ , විශාඛා පාර ආශ්‍රිතව හදුනාගෙන ඇති බවත් අනෙකුත් පුද්ගලයින් හදුනාගැනීමට කටයුතු කරන බවත් ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා සදහන් කළේය.