ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12ත් 18ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව විදෙස් සංචාරයක නිරතව සිට අද (08) පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමඟ පැවැති සාකච්ඡාවක දී සදහන් කර ඇත.
අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසුවන පාසල් දරුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 3ක පමණ පිරිසක් සිටින අතර දිස්ත්‍රික්කයේ අවුරුදු 30 වැඩි පුද්ගලයින් ලක්ෂ 05ක් සහ අවුරුදු 18ට වැඩි පුද්ගලයින් ලක්ෂ 3ක පමණ ප්‍රමාණයක් තවමත් කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන නොමැති බව මෙහිදී අනාවරණය වී තිබේ.