කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාවක් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බැවින් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.
ගතවූ එම කාලය තුල 99 දෙනෙකු වන ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බව සදහන් කළ අධ්යක්ෂවරයා, ගම්පහ දිස්ත්‍රික්කයෙහි , 15 ක් වන සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුව ඇති බවද කීය.
දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් හමුවීම දිවුලපිටිය කොට්ඨාසයෙන් - 81 ක් , මිනුවන්ගොඩ - 62 ක් , මහර - 61 ක් , දොම්පෙ - 50 ක් , අත්තනගල්ල - 41 ක්, ජා ඇල - 36 ක් , කැලණිය - 35 ක් , කටාන - 32 ක් , ගම්පහ - 29 ක්, මීරිගම - 27 ක් , මීගමුව - 25 ක් , වත්තල සහ බියගම කොට්ඨාසයන්ගෙන් 22 දෙනෙකු බැගින් සහ රාගම කොට්ඨාසයෙන් 20 දෙනෙකු බැගින් වාර්තාවී ඇත.
ගතවූ පැය 24 තුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ක්ෂේත්රයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවන්හිදී ආසාදිතයින් 526 දෙදෙනෙකු සහ රෝහල්වලදී සිදු කළ පරීක්ෂාවන්හිදී 128 දෙනෙකු වශයෙන් හමුව ඇති බව අධ්යක්ෂවරයා සදහන් කළේය.
නිදහස් ආයෝජන කලාපයෙහි කටුනායක කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 80 දෙනෙකු ඇතුළුව කර්මාන්තශාලාවලින් ගතවූ පැය 24 තුල ආසාදිතයින් 83 දෙනෙකුද හමුව ඇති බවත් ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි පවතින ඇදන් 511 න් ඇදන් 397 ක් පිරී ඇති බවත් හෙතෙම සඳහන් කළ අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,657 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද කීය.
පවතින අයහපත් තත්ත්වය මත ජනතාව සංචරණය උපරිමව සීමා කරමින් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආවරණය වන පරිදි පුද්ගලයින් 2, 53,249 දෙනෙකු ඊයේ උදෑසන වනවිට පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති අතර ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් වැසියන් සහ රාජ්‍ය සේවකයින් ඇතුලු 22,299 දෙනෙකු හට " සයිනොපාම් " එන්නත ලබාදීම සිදු කොට ඇත. මෙම එන්නත ලබා දීම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.
ගම්පහ තිලකරත්න දිසානායක