කොරෝනා දෙවන රැල්ලේ අද (29) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 20,026 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 234 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ගතවූ පැය 24 තුල බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 43 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බවත් දිවුලපිටිය කොට්ඨාසයෙන් - 33 ක් , සීදූව - 25 ක් , ගම්පහ - 22 ක් සහ වත්තල කොට්ඨාසයෙන් 21 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
මෙම ආසාදිතයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ ක්ෂේත්‍ර පී.සී.ආර් පරීක්ෂාවේදී 189 දෙනෙකු සහ රෝහල්වල සිදු කළ පරීක්ෂාවේදී 45 දෙනෙකු හමුව ඇත.
දිස්ත්‍රික්කයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඊයේ උදෑසන වනවිට ඇදන් 437 ක් පිරී තිබූ බව සදහන් කළ අධ්යක්ෂවරයා ගතවූ පැය 24 තුල ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ආසාදිතයින් 92 කු ඇතුලත්ව ඇති බවද කීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 4575 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ දිනයේ පුද්ගලයින් 2517 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කොට ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක