කොවිඩ් දෙවන රැල්ලේ අද (27) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 19,532 ක් බවට පත් වෙද්දී ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 189 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදු කළ පරීක්ෂණ වාර්තා අනුව ආසාදිතයින් 144 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ වාර්තා අනුව 45 දෙනෙකු හමුව ඇත.
මේ අතුරින් 33 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් ජාඇල සහ මහර කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 23 දෙනෙකු බැගින්ද, ගම්පහ සහ දොම්පේ කොට්ඨාසයන්ගෙන් 21 දෙනෙකු බැගින් සහ බියගම කොට්ඨාසයෙන්19 දෙනෙකුද වන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
දිස්ත්‍රික්කයෙහි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඇදන් 448 ක් ඊයේ උදෑසන වනවිට පිරී පැවති බව පැවසූ අධ්යක්ෂවරයා , ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 3406 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද කීය.
පුද්ගලයින් 2,21,263 දෙනෙකු මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති අතර ඊයේ දිනයේ 1800 දෙනෙකු පරීක්ෂාවන්ට යොමු කිරීමට කටයුතු යොදා තිබිනි.
දෛනිකව කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙනෙන්නට ඇති බැවින් ජනතාව දැඩිව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහ සංරචනය සීමා කිරීම සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමු කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය .
ගම්පහ තිලකරත්න දිසානායක