කොවිඩ් දෙවන රැල්ලේ අද ( 3) ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 21,129 දෙනෙකු දක්වා ඉහළ යද්දී ගතවූ පැය 24 ක කාලය තුල අද උදෑසන වනවිට ආසාදිතයින් 243 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.
ගතවූ පැය 24 තුල රෝහල්වලදී සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ අනුව ආසාදිතයින් 37 දෙනෙකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් මගින් ක්ෂේත්රයේ සිදු කළ පරීක්ෂාවන්හිදී ආසාදිතයින් 206 කු වශයෙන් ද හමුව තිබේ.
ආසාදිතයින් 31 වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද , ගම්පහ - 30 ක් , වත්තල - 29 ක්, දොම්පෙ සහ රාගම කොට්ඨාසයන්ගෙන් 23 බැගින්ද , මහර - 22 ක් , වශයෙන් හමුව ඇති බව අධ්යක්ෂවරයා පැවසීය.
ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 4780 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා , ඊයේ උදෑසන වනවිට දිස්ත්‍රික්කයෙහි පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් 454 ක් පිරී ඇති බවද කීය.
මේ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම පිනිස සීදූවේ පිහිටි බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් ඇගළුම් කම්හලක් යුධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් අවශ්‍ය ලෙස සකස් කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා , මෙහි ඇදන් 750 ක් යෙදිය හැකි ලෙසින් සකස් කෙරෙමින් පවතින බවද කීය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද දෛනිකව කොරෝනා ආසාදිතයින් හමුවීමේ වැඩි බවක් පවතින බව සදහන් කළ අධ්යක්ෂවරයා , පවතින තත්ත්වය පාලනය කර ගැනීම පිනිස සෞඛ්‍ය අංශ මගින් හදුන්වා දී ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් දැඩි පිළිපදින ලෙසත් සංචරණය සීමා කරමින් දැඩි අවශ්‍යතාවයක් සදහාම පමණක් නිවෙස්වලින් පිටතට යාමට ජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙනු ලැබීය.
ගම්පහ තිලකරත්න දිසානායක.