ගම්පහ දිස්ත්‍රික්කයෙහි 328 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් ඊයේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 21,465 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 64 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිවුලපිටිය කොට්ඨාසයෙන් 40 ක් , මිනුවන්ගොඩ - 39 ක් , මීරිගම - 33 ක් , මහර - 31 ක් අත්තනගල්ල සහ ජාඇල යන කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 20 දෙනෙකු බැගින්ද හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
ගතවූ පැය 24 ක කාලය තුල රෝහල්වල සිදුකළ පි.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් 73 දෙනෙකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් මගින් ක්ෂේත්රයේ සිදු කළ පරීක්ෂාවන්ගෙන් ආසාදිතයින් 255 දෙනෙකු හමුව ඇති බවත් කටුනායක ආයෝජන කලාපයෙහි කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 24 දෙනෙකු හමුව ඇති බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 6145 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආසාදිතයින් 100 දෙනෙකු පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ඇතුලත් කොට ඇත.
ඊයේ වනවිට එම මධ්‍යස්ථානවල පවතින ඇදන් 511 න් ඇදන් 425 පිරී තිබූ බව සදහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2,36,095 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවට ලක් කොට ඇති බවද කීය.
ගම්පහ තිලකරත්න දිසානායක