ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු , කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
එම කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනෙකු හට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත ඊයේ (25) සවස කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට භාජනය කිරීමේ දී ඉන් 10 දෙනෙකු ආසාදිතයින් බව හදුනා ගත් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
ඊයේ සවස එම රෙජිස්ට්‍රාර් කාර්ය මණ්ඩලයෙහි 100 දෙනෙකු පී .සී .ආර් පරීක්ෂණය සදහා යොමු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
එම කාර්යාලයෙහි තවත් පිරිසක් ගම්පහ රෝහලේදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමේ දී පස් දෙනෙකු ආසාදිතයින් බවට තහවුරුවී ඇත.
මේ අතර ඊයේ දිනය වනවිට ගතවු පැය 24 තුල ආසාදිතයින් 13 දෙනෙකු ඇතුලුව කොවිඩ් 19 දෙවන රැල්ලෙන් , ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 603 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක