මහර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ රාජකාරී කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර , ඇය සමග සමීපව රාජකාරී සිදු කළ තවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු ද මහර පොලීසිය සමග රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 132 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව දිස්ත්‍රික්කය තුළින් රෝගීන් 3,985 දෙනෙකු වාර්තා වී ඇති බවත් පී.සී.ආර්. පරීක්ෂණ 55,522 ක් සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 29 කින් කොරෝනා ආසාදිත රෝගින් 204 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තවදුරටත් පැවසීය.