ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩි 19 ආසාදිතයන්ගේ මුළු ගණන අද (14) වනවිට 1301 වන බව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරික්ෂණ 15,579 සිදු කර ඇති එයින් 8,498 ක ප්‍රථිපල ලැබිමට නියමිතව ඇති බවද අධ්‍යක්ෂකවරයා පැවසිය.
මේ අතර සිදුව කටුනායක ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර කටුනායක සහ ඒ අවට ඇගලූම් කර්මාන්තශාලාවල සේවකයින් නවාතැන් ගෙන නේවාසිකාගාර වලින් කුඩා පොකුරු පිටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වන බවද ගම්පහ දීස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍යවරයා සදහන් කළේය.
ජාඇල තිස්ස කොටින්කඩුව සහ වත්තල සරත් චින්තක