ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (07දා) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 208ක් වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,072 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
මෙසේ වාර්තා වී ඇති රෝගීන් අතරින් 194 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් ද, තවත් රෝගීන් 14 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ වූ රෝහල් අතරින් ද සොයාගෙන තිබේ.
එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට සූදානම් කර ඇති රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 06 සතුව ඇති ඇදන් 511 න් මේ වනවිට ඇදන් 446 ක් ම කොරෝනා ආසාදිත රෝගීන් ගෙන් පිරී ඇති බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.