ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 499 දෙනෙකු හමුව ඇති බවත් මින් 68 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පැය 24 ක කාලය තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 67 ක්, කටාන - 66 ක් , බියගම - 61 ක්, මහර - 46 ක්, ගම්පහ - 32 ක්, දොම්පෙ - 28 ක් සහ මීරිගම - 27 ක් වශයෙන් බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
මින් ආසාදිතයින් 435 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්ෂේත්රයෙන් සිදු කළ පරීක්ෂාවන්හිදීද , 64 දෙනෙකු රෝහල් මගින් සිදු කළ පරීක්ෂාවලදීද හමුව ඇති බව අධ්යක්ෂවරයා සදහන් කළේය.
අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ආසාදිතයින් 122 කු ඇතුලත් කොට ඇති බව සදහන් කළ අධ්යක්ෂවරයා , එම මධ්‍යස්ථාන හයෙහි පවතින ඇදන් 511 න් ඇදන් 386 ක් පිරී තිබූ බවද කීය.
පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපයට අයත් කටුනායක සහ බියගම කර්මාන්තශාලාවලින් ආසාදිතයින් 35 දෙනෙකු හමුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ආසාදිතයින් වශයෙන් හදුනාගැනෙන තත්ත්වයක් පවතින බව සදහන් කළ නලීන් ආරියරත්න මහතා, මේ වනවිට ආශ්‍රිතයින් 14.203 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද කීය.
මේ අතර කොවිඩ් මර්දන එන්නත යළිත් ලබා දීම පෙරේදා දිනයේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාම නිලධාරී වසමින් ආරම්භ කළ බවත් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 15 මගින් දිගටම එන්නත ලබාදීම සිදු කෙරෙන බවත් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
දිස්ත්‍රික්කයෙහි 2,52,371 දෙනෙකු ඊයේ වනවිට පී.සී.ආර් පරීක්ෂාවන් සදහා භාජනය කොට තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක