ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
භෞතික විද්‍යා විෂය ඉගැන්වීම සිදු කරන එම ආචාර්යවරයාගේ ඥාතියෙකු කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින්නන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර ඔහු මාර්ගයෙන් ආචාර්යවරයාට රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වූයෙන් ප්‍රතිකාර පිණිස යොමු කොට ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
එම ආචාර්යවරයා උපකාරක පන්ති පවත්වා ඇති බැවින් එම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 102 ක් නිරෝධායනයට යොමු කොට ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ සහ ඉන්පසුව තවත් ආශ්‍රිතයින් 52 දෙනෙකුගෙන් ඊයේ (20) ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ අනුව එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වීයැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
ගම්පහ - තිලකරත්න දිසානායක