ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 5357කින් කොවිඩ් ආසාදිතයන් 970ක් හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.
තවත් වාර්තා 1770ක ප්‍රතිඵල ලැබීමට නියමිත බවත් 2593 ක් ආසාදිත නොවන බවට හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය ලේකම් කාර්යාල 10 න් 7කම මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවත් ඔහු පැවැසීය.
එසේම හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට හා සඳුදා ඇරඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන ගම්පහ සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සකස් කර ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.
දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට වැඩසටහන් සකස් කර ඇති බවත් යම් කිසි ගැටලුවක් ඇත්නම් වසම් භාර ග්‍රාම නිලධාරී ඇමතිය හැකි බවත් ප්‍රා දේශීය ලේකම් කාර්යාල පැය 24 පුරාම විවෘත බවත් ඔහු සඳහන් කළේය.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කල සාමාජිකයන් 119ක් පිළිබඳව සොයා බැලිමට සිදුව ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ආරක්ෂක අංශයේ මැදිහත්වීමෙන් ඒ සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවත ඔහු පැවැසීය.