ගමින් ගමට ගොස් ජනතාව හමුවී ජනතා ගැටළුවලට සවන් යොමු කර ඊට විසඳුම් දීමේ නව සංකල්පය හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රණාමය පුද කරති.
ජන රැළි වෙනුවට ආදේශ කළ නව සංකල්පය මුදල් නාස්තිය මෙන්ම බැනර්, කටවුට් සහ පෝස්ටර් ආදියෙන් පරිසරයට වන හානිය ද පිටු දකී. ජනාධිපතිතුමා සැබෑ තතු අවබෝධකර ගැනීමත්, බොහෝ ප්රයශ්නවලට එසැණ විසඳුම් ලැබීමත් මහත් අස්වැසිල්ලක් බව ජනතාව පවසති.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (30) දෙවන වරටත් ගම්පහ දිස්ත්රිරක්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා සමග ජනතාව මේ බව පැවසූහ.
මීගමුව කලපුව සහ කඩොලාන විනාශය නවතා කලපුව සංවර්ධනය කර දෙන්නැයි හිටපු රාජ්යත අමාත්යහ නිමල් ලන්සා මහතා මීගමුව, වැල්ලපිටිය ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.
අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්රන මහතා කටාන, වලිසිංහ හරිස්චන්ද්රව ක්රීාඩාංගණය අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කතා බහක නිරත විය.
පාස්කු ප්රාාහාරය සහ කොවිඩ් 19 නිසා ගුවන්තොටුපොළ වැසී යාමෙන් කුලී රථ රියැදුරන් පත්ව ඇති දුෂ්කරතා සොයා බලන්නැයි ජනාධිපතිතුමා අමාත්යො ප්‍ර9සන්න රණතුංග මහතාට නියම කළේය.
කසල බැහැර කිරීමට නිසි ක්රාමවේදයක් සකස් කර මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කර දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උතුරු මැද පළාතේ වකුගඩු රෝගි දීමනාව සියලු පළාත්වලට ව්යාදප්ත කරන්නැයි ජනාධිපතිතුමා වෙත යෝජනා කෙරිණි.
අමාත්‍යය ප්රිසන්න රණතුංග මහතා උඩුගම්පොළ සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.
ප්රධදේශවාසියෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්හේන මහතා නිර්මාණය කළ කසළ ප්‍ර තිචක්රීධකරණ යන්ත්ර්ය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. පැයකට කසළ ටොන් 15ක් යකඩ, ප්ලාස්ටික් සහ කාබන් ලෙස වෙන් කොට ප්‍ර තිචක්රීරකරණය කළ හැකි වීම යන්ත්රියේ විශේෂත්වයකි. රසායනිකයක් භාවිත කර දුගද පැතිරීම වැළැක්වීමට හැකි අතර සමස්ත ක්රිණයාවලිය කැමරා මගින් අධීක්ෂණය කෙරේ.
බණ්ඩාරවත්ත, පරාක්රණම විද්යාකලයේ 05 වන ශ්රේවණියේ ඉගෙනුම ලබන සෙනුර ප්‍ර භාශ්වර පුතු කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පරිත්යා්ග කළේය.
අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා ගම්පහ නගර සභා රථ ගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.
සෞභාග්යියේ දැක්ම ප්රතතිපත්ති ප්රකකාශයේ පොරාන්දු ඉටු කරමින් නීරෝගිමත් ජාතියක් බිහි කිරීම උදෙසා වික්ර්මාරච්චි විද්යා්යතනය විශ්වවිද්යානලයක් ලෙස උසස් කිරීමට ගත් පියවර අගයා වාණිජ්යම කර්මාන්ත හා සේවා ප්ර්ගතිශීලි සේවක සංගමය ජනාධිපතිතුමා වෙත ප්රණාම සහතිකයක් පිරිනැමීය.
ළමා අපචාර දුරු කිරීමට දැඩි නීති රීති පනවන්නැයි අපේක්ෂක නාලක ගොඩහේවා මහතා ගම්පහ නගරයේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ. උගතුන් සහ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට අවස්ථාව උදාකරදීම ගැන රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාට ප්රනසාදය පළ කළහ.