කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් ගැබිණි මව්වරුන් අපහසුතාවයට පත්වීම වළක්වා ගැනීම සඳහා නව උපකාරක දුරකථන සේවාවක් ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට මෙම දුරකථන සේවාව පැය 24පුරා ක්‍රියාත්මකය.
විශේෂඥ වෛද්‍යවරුන් විසින් සපයන උපදේශන සේවා නොමිලේ ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවලදී ගැටලු සහිත මව්වරුන් රෝහල් ගත කිරීමටත් මැදිහත් වන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.0710301225 යන දුරකථනයට ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.
නදීශානි / නවෝද්‍යා