ගිනිගත්හේන නගරයේ මත්ස්‍යයින් අලෙවි කරන වෙලදසැල් හිමියෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට (24) දින තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.
පැලියගොඩ මත්ස්යය වෙලදපොලින් තොග වශයෙන් මත්ස්‍යයින් මිල දිගෙන එම ව්‍යාපාරිකයා ගිනිගත්හේන නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කරනන අයෙකු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.
කොවිඩ් 19 වෛසරය අසාධනය වු ගිනිගත්හේන නගරයේ මත්ස්යය ව්‍යාපාරිකයා (24) දින රාත්‍රියේම නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර එම ව්‍යාපාරිකයා පදිංචි ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සමාජිකයන් 6 දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කලහ.
ගිනිගත්හේන නගරයේ එම ව්‍යාපාරිකයාගේ අසාධිතයන් සොයා ගිනිගත්හේන පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකයන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.