එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට තොගය සම්බන්ධ අවසන් තීරණය නීතිපති හා ඒ සම්බන්ධයෙන් පත්කල කමිටුවේ උපදෙස් මත ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පසුගියදා මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබී වෙරළට පාවී ආ ප්ලාස්ටික් කැට විශාල තොගයක් එක්රැස් කර මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ මේ වන විට ගබඩා කර තිබෙනවා.
ප්ලාස්ටික් කැට මෙට්‍රික් ටොන් 1400කට ආසන්න එම තොගය බහාලුම් 40කට ආසන්න ප්‍රමාණයක තැන්පත් කර හැදල ප්‍රදේශයේ අංගනයක ඒවා රදවා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.
ඒ මෙම නෞකා අනතුරෙන් සිදුවූ හානිය පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකදීයි. සූම් තාක්ෂණය ඔස්සේ එය පැවැත්වුණි.
අමාත්‍ය අලි සබ්රි මහතා මෙම සමාලෝචන සාකච්ඡාව මෙහෙයවූවා. මෙම ප්ලාස්ටික් තොගය, ප්ලාස්ටික් නිෂ්පාදන සමාගම් හා ඇතැම් පිරිස් ඉල්ලා සිටින බව මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහෙත් ඒ පිළිබද අවසන් තීරණයක් ගනු ලබන්නේ නීතිපතිවරයාගේ සහ නෞකා අනතුර සම්බන්ධ සොයා බැලීමට පත්කළ කමිටු නිර්දේශයට අනුව පමණක් බවයි ඒ මහතා අවධාරණය කළේ.