www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.
ඒ අනුව, MV X-PRESS PEARL නෞකාවෙහි ජලයේ ගිලී ඇති කොටසේ වූ ඉන්ධන ටැංකි මගින් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්ෂා කර බැලීම මෙම විශේෂ කිමිදුම් මෙහෙයුමේදි සිදු කෙරිණි.
එහිදි, දැනට පවතින අයහපත් කාළගුණය හමුවේ මුහුදේ පැවති රළු ස්වභාවය හා අඩු දෘෂ්‍යතාවය මෙන්ම එම මුහුදු ප්‍රදේශයේ පවතින දියවැල් වල ප්‍රබලත්වය හමුවේ මහත් පරිශ්‍රමයකින් කිමිදුම් කණ්ඩායම මෙම මෙහෙයුමේ නිරත විය.
තවද, වැඩිදුරටත් නෞකාවේ ජලයේ ගිලී ඇති කොටස පරික්ෂාවට ලක් කර නෞකාවෙන් සාගරයට ඉන්ධන කාන්දුවක් සිදු වන්නේ දැයි පරීක්ෂා කිරීම සදහා හෙට දිනයේ ද මෙම කිමිදුම් මෙහෙයුම සිදු කිරීමට නාවික හමුදාව සැලසුම් කර ඇත.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd