ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම වර්ෂයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් සිදුකරනු ලබන සියලුම ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය 28 වන දිනෙන් අවසන් විය.
කෙසේවෙතත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන මැයි මස 31 වනදා දක්වා එම කාලය දීර්ඝ කෙරෙන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.