හම්බන්තොට බුන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ නිල නිවාසයක සිටි වනජීවී නිලධාරියෙකු සන්තකව තිබී T 56 වර්ගේ ගිනිඅවියක් හා රිපිර්ට්ර් වර්ගයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මුලස්ථාන පොලීසිය සමත්වී තිබේ .
අදාළ වනජීවී නිලධාරියා විසින් නිලනිවස ආසන්නයේ ගංජා ගස් වවන බවට වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය 15 වනදා වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හා හම්බන්තොට පොලීසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී බුන්දල වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ නිල නිවසේ අදාළ සැකකරු සිටි කාමරය පරික්ෂා කිරීමේදී T 56 වර්ගේ ගිනිඅවියක් හා රිපිර්ට්ර් වර්ගයේ ගිනිඅවියක් මෙන්ම බෝර 12 වර්ගයේ ජීවඋණ්ඩ 04ක්, පුරවන ලද උන්ඩ 03ක්, හිස්කොපු 16ක් මෙන්ම T 56 වර්ගයේ පතොරම් 06ක්, මැගසින් එකක්, 9MM වර්ගේ ජීවුන්ද 03ක්, හිස්කොපු 01 ක් සහ රම්බෝ වර්ගයේ පිහියක් මෙන්ම මුනිස්සම් කැට ග්‍රෑම් 400ක්ද සොයාගැනීමට හැකිවී තිබේ .
මෙම සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගෙන් කල ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මෙම ගිනිඅවි මිලදී ගත බවයි. කෙසේ නමුත් අදාළ සැකකරු 16 වනදා හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියා සිටියේය.