ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 122 දෙනෙකු (14) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුවීමත් සමග පසුගිය ඔක්තෝම්බර් මස 4 වෙනි දින සිට හමුවූ ආසාදිතයින් ගණන 8855 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
ඊයේ උදෑසන වනවිට 31 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා , බියගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 29 දෙනෙකු සහ වත්තල කොට්ඨාසයෙන් 21 දෙනෙකු වශයෙන් වැඩි වශයෙන් හමුව ඇති බවද කීය.
මේ අතර කැලණිය කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 11 දෙනෙකුද හමුව ඇති බවත් ඊයේ වනවිට දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16 මගින් 1,39,266 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බවත් හෙතෙම සඳහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක