Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ජනාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග ඊයේ (05දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙහිදී ජනාධිපතිවරයාට යොමු කෙරුණු ප්‍රශ්නයක් වූයේ තම වැඩපිළිවෙළ පිළිබඳ 100%ක් සතුටුවීමට ඉදිරියේදී කුමනාකාරයේ ක්‍රියාමාර්ග ගන්නේද යන්නයි.
එයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ වැඩි බලයක් සහිත තම ප්‍රතිපත්ති සමග ගැලපෙන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන්නේ ඒ නිසා බවයි.
වත්මන් රජයේ තනතුරුවලට පත් වූ ඇතැම් අය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි වුවද, සමස්තයක් ලෙස පසුගිය රජයන්වල පත්කළ පිරිසට වඩා හොඳින් ඔවුන් සේවය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
“අපි පත්කළ අය වෙන රජයන්වලට වඩා හොඳින් කරනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් එක ගන්න. කිසිම වරප්‍රසාදයක් ගන්නේ නෑ. ඔවුන් ගුවන් සේවය දියුණු කරන්න හොඳ වැඩපිළිවෙළක් කරලා තිබෙනවා.
අයි.සී.ටී. එක බලන්න, ඒකත් හොඳයි. සමහර අය ගැන සෑහීමකට පත්වෙන්න බැරි වුණත් ඒ අයට තමන්ගේ හැකියාව ඔප්පු කරන්න අවස්ථාවක් තිබෙනවා. එහෙම නොකළොත් ඔවුන්ව ඉවත් කරනවා.”
රජයේ ඇතැම් ප්‍රධාන තනතුරු සඳහා හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දුන් ජනාධිපතිවරයා,
“මම පත්කරලා තිබුණ ප්‍රමාණයටත් වඩා ගිය ආණ්ඩුව හමුදා නිලධාරීන් රජයේ හා සංස්ථාවල තනතුරුවලට පත්කරලා තිබුණා. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. හමුදා නිලධාරියෙක් පරිපාලයට පත් කළාම තියන වැරැද්ද මොකක්ද?
හමුදා නිලධාරියෙක් විශාල පුහුණුවක් ලබනවා. ජනරාල් කෙනෙක් වෙනකොට අතිවිශාල පුහුණුවක් ලබනවා. ලෝකෙ පුරා අත්දැකීම් ලබා ගන්නවා. ඔවුන් පරිපාලනයට සූදානම් වෙලා ඉන්නේ. ලෝකේ හැම රටකම එහෙමයි. ඇයි එහෙනම් අපට බැරි. අපි කරද්දි ඇයි මේක අහන්නේ. මේවා දේශපාලනික කතා.”
එසේම මේ වනවිට දේශපාලන වේදිකාවේ කතාබහට ලක්ව ඇති ‘ගෝඨා - සජිත්’ සුසංයෝගය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන්ගේ ප්‍රතිපත්ති ඇත්තේ තම පක්ෂය තුළ බවත්, අසාර්ථක ප්‍රතිපත්ති පැවැති පිරිසක් සමග ගමන් කළ නොහැකි බවත්ය.
“මට අවශ්‍ය මගේ රජයක්. මගේ ප්‍රතිපත්ති තිබෙන්නේ අපේ පක්ෂයේ. ඒ ප්‍රතිපත්ති මාලාව අරගෙන යන්නේ අපේ අය. ඒකීය රාජ්‍යයක් නොවන, ජාතිකවාදී නොවන, ස්වෛරීත්වය හා නිදහස, ආර්ථිකය ගැන අවබෝධයකින් තොරව අසාර්ථක ප්‍රතිපත්ති තිබුණ පිරිසක් සමග මට ගමන් කරන්න බෑ. මගේ ප්‍රතිපත්ති හා සමාන අය අවශ්‍යයි.
ආර්ථිකය පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තම ආණ්ඩුව යටතේ ලබාදුන් බදු සහන හේතුවෙන් ව්‍යාපාර රාශියක් යථා තත්ත්වයට පත් වූ බවත්, ආර්ථිකය ගොඩනැගීමට තමන්ට හැකියාවක් ඇති බවත්ය.
පසුගිය මාස කිහිපයේ ගෝලීය තත්ත්වයන් නිසා සමස්ථ ලෝක ආර්ථිකයේම පසු බැසීමක් පැවතීම ශ්‍රී ලංකාවට ද බලපෑම් කළද ඉදිරියේ දී ඒ බලපෑම් වළක්වාගෙන ඉදිරියටයෑමට උත්සාහ කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
popular news
Champa Sunday, 08 March 2020 08:48 PM
පැහැදිලිවම පේන්නේ ආර්ථිකය ගැන හෝ රටේ සමාජ ප්‍රශ්න ගැන හෝ අගක් මුලක් මැදක් නොදන්නා බවයි. ආර්ථිකය උඩට ගන්න මේ දවස් සීය වුනත් ඇති. මම මෙහෙම කතා කරන්නේ 2015 පෙබරවාරි ඉඳන් වහල් ආණ්ඩුවට විරුද්ධව ලියපු නිසා සහ ඒ හින්ද රටේ තියෙන සියලු ප්‍රශ්න ගැන තියෙන අවබෝධයෙන්. ආර්ථිකය හදන්න 19න් කිසිම බලපෑමක් නැහැ. තමන්ට සැලැස්මක් නැති එකයි තියෙන ප්‍රශ්නේ. එහෙම තිබ්බ නම් පත් වෙච්ච දවසේ ඉඳන්ම පටන් ගන්න තිබ්බ. එහෙනම් දැන් මාස තුනක් ලෙහෙසියෙන්ම ප්‍රතිඵල බලන්න තිබ්බ. වෙනසක් කියල ගෙනාවට මේ ජනාධිපතිවරයාත් කිසි වෙනසක් නැහැ. කලින් අවුරුදු 72ක පාලකයන් ගිය මඟමයි යන්නේ. චීනෙන් හෝ වෙන රටකින් ණය අරගෙන නැත්නම් ඇමරිකාවට රට විකුණලා MCC එක දෙන මුදල අරගෙන මිසක් වෙන විදිහකට ආර්ථිකය ගොඩ ගන්න දන්නේ නැහැ. පාරවල් හදන්නයි කෝච්චි දානයි කතාකරනවා. ඔක්කොම ණය අරගෙන. මේක කලිනුත් ලියල තියනව. තව එක ශතයක් ණය ගන්නේ නැතුව රට හදන්න පුළුවන්. ව්‍යාපාර වලට බදු සහන දුන්න කියල රටක් ගොඩ එන්නේ නැහැ. ඒක නිකම් ජනප්‍රිය සහනයක්. රටේ ආර්ථිකය ගොඩ නගන්න පටන් ගන්න ඕනේ බදු සහන දීල නෙමෙයි.ඊට වඩා කොච්චර දේවල් තියෙනවද කරන්න.
Reply : 0 0
Champa Sunday, 08 March 2020 09:06 PM
මේ මුළු කතාවම ගත්තොත් අගමැතිතුමා ගැනත් කියන්නම ඕනේ. එක තැනක කියල තිබුන "මට ඕනේ කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්" කියල. තව කියනව "19 බාධාවක්, කොමිසම් බාධාවක්" කියලා. ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් කියන එකෙන් තේරෙන්නේ මහින්ද නැතුව වෙන කෙනෙක් එක්ක වුනත් වැඩ කරන්න පුළුවන් කියන එක. මේ කතාව සම්පූර්නයෙන්ම හෙලා දකිනවා. මිනිස්සුන්ට වහල් ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ වුනේ රනිල්ව අයින් කරලා මහින්දව අගැමති කරන්න. ඒක අද ඊයේ නෙමෙයි 2015 පෙබරවාරි ඉඳන් අපි එතුමාට දීපු පොරොන්දුවක්. ඒ හින්ද ගෝඨාභය කියන්න තිබ්බේ "කවුරු එක්ක වුනත්" කියල නෙමෙයි, "ඊළඟට එන්නේ මහින්දගේ ආණ්ඩුවක් නිසා අගැමති මහින්දත් එක්ක වැඩ කරනවා. 19 හෝ කොමිසම් ප්‍රශ්නයක් නැහැ" කියල. එහෙම කියන්නේ නැත්තේ කොන්ත්‍රාත්තුව තියෙන්නේ මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න නිසා. මිනිස්සු තමන්ව ජනාධිපති කලේ මහින්ද නිසා කියල දවස් 100 යනකොට මතක නැහැ. සිරිසේන මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න ගත්ත කොන්ත්‍රාත්තුව තාම ඉවර නැහැ. ඒ කොන්ත්‍රාත්තුව බැසිල් ගෝඨාභය රනිල් සිරිසේන හවුලේ. ඒකයි ඊළඟ පාර්ලිමේන්තුව මහින්දගේ පාර්ලිමේන්තුවක් කියල ගෝඨාභය කට ඇරලා කියන්නේ නැත්තේ.
Reply : 0 0
Champa Sunday, 08 March 2020 09:31 PM
අගමැතිතුමා කියල තිබුන මේ ආණ්ඩුව ගන්න අදහසක් තිබ්බේ නැහැ,ඒකට අකමැතිත් වුනා කියල. මොනවා කියනවද මන්ද. මහින්දට කවදාවත් තමන්ගේ හතුර කවුද මිතුර කවුද හඳුනාගන්න බැරි වුනා වගේම තමන්ව දේශපාලනයෙන් ඉවත් කරන්න යන කුමන්ත්‍රණය ගැනත් අවබෝධයක් නැහැ. මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න ඇමරිකාවයි ඉන්දියාවයි 2015 ගහපු ගේමට හා සමාන ගේමක් 2019ත් ගැහැව්වා ගෝඨාභය ජනාධිපති කරගෙන. හැබැයි වැඩේ වැරදුනා මහින්ද අගමැති වෙච්ච නිසා. ඇමරිකාව හිතුව ගෝඨාභය ජනාධිපති වුනාට රනිල් මහමැතිවරණය වෙනකම් අගැමති විදිහට ඉඳියි කියල. ඒ හින්ද ජනාධිපතිවරණයෙන් පස්සේ ඇමරිකන් පුරවැසියයි, ඇමරිකන් ගැත්තයි, යූඑන්පී කැබිනට් එකයි, පොහොට්ටුවේ ඇමරිකන් නිර්මාතෘයි ඔක්කොමගේ උදව්වෙන් ඇමරිකාව සහ ඉන්දියාව දෙකම හිතුව MCC ගිවිසුම අත්සන් කරලා පස්සේ චන්දෙන් රනිල්වම ගේන්න. නමුත් මහින්ද අගැමති වුනු හින්ද ඔක්කොම වෙනස් වුන. ආපහුත් කියනව අගැමති කරන්න හිටියේ මහින්ද නෙමෙයි. එහෙම කරන්න හිටිය නම් මහින්ද දිවුරුම් දෙන්නේත් උපන්දිනේ දවසේ ජනාධිපති එක්කමයි. මහින්දව අගැමති කලේ ජනතා බලපෑම නිසා. ඊට පස්සේ ගෝඨාභය ඉන්දියාවට ගිය වෙලේ මෝදිගේ මූණ බලපුවහම පෙනුන බලාපොරොත්තු කඩවීම.
Reply : 0 0
Champa Sunday, 08 March 2020 09:52 PM
ජනාධිපතිතුමා තමන්ගේ පළමු දින 100 ලබපු එක ජයග්‍රහණයක් නම් තියෙනව. ඒ තමයි 2012 අවුරුද්දේ තමන් ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ තිබ්බ කාන්තාවන් සහ දරුවන් අතවරයට ලක්වීමේ වාර්තාව මේ අවුරුද්දේ එක මාස හයෙන් කඩන්න පුළුවන් වීම. 2012 අවුරුද්දේ කාන්තා සහ ළමා අතවර නිල සංඛ්‍යාව අතිවිශාල 8749ක්. නිල කියල කිව්වේ එවක ආරක්ෂක ලේකම් දැන් ජනාධිපති මේක පොලිස් දත්ත පොතට දැම්මෙවත් නැතිව හංගපු නිසා. අනාවරණය වුනේ 2013 අවුරුද්දේ ජේවීපී එක පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්නෙකින්. ඇත්ත ගණන මීට වඩා හුඟක් වැඩි වෙන්න හොඳටම ඉඩ තියෙනව. මට තියෙන ප්‍රශ්නේ දැන් මේ සහගහන අපරාධ කල 8749ක් පරයන් හිරේ ගියාද, අඩුගානේ නඩුවත් දැම්මද කියන එක. දැන් ඒ ආරක්ෂක ලේකම්ම ජනාධිපති වුනාට පස්සේ පලවෙනි දවස් 15 ඇතුලේ කාන්තාවන් සහ දරුවන් 142ක් අතවරයට ලක් වෙලා. පලවෙනි මාස දෙක ඇතුලේ විතරක් වාර්තා වෙලා තියෙන කාන්ත සහ ළමා අතවර ගාන 2500ක්. හිතාගන්නවත් බැහැ. රටම කතා කරන කුඩා දරුවෙක් අපහරණයට පත්වෙන වීඩියෝව ගැන කතා කලේ අගමැතිතුමා විතරයි. කලින් වගේම ගෝඨාභයට වගේ වගක් නැහැ. දැන් මෙහෙම නම් 19 දුන්නොත් කොහොමද? හැමදාම කියනවා වගේ අපට විශ්වාස රටට විශ්වාස මහින්ද විතරයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd