ගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටියි.
නිවසේ විසූ මිත්තණිය ආසාදිත වීමෙන් පසු පවුලේ සාමාජිකයන්ට සිදුකළ පීසීආර් පරීක්ෂණ වලදී මෙම දැරිය ආසාදිත බව හඳුනාගෙන තිබේ.
ඇය පසුගිය අඟහරුවාදා (12) දිනයේ පමණක් පාසලට පැමිණ ඇති අතර එදින ඇය හා සමීපව කටයුතු කළ ගුරුවරු සහ සිසු සිසුවියන් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
දැරිය ඉගෙනුම ලබන හත ශ්‍රේණියේ සියලුම සමාන්තර පන්ති වල සිසු සිසුවියන්ට සඳුදා (18) සිට පාසලට නොපැමිණෙන ලෙස දැනුම් දී තිබේ. පන්ති කාමර විෂබීජහරණය කර සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමන කළ බව පාසැල් ආරංචිමාර්ග සඳහන් කරයි.
සිසුවා සමඟ ආශ්රිත වූ අනෙක් සිසුන් ඇතුළු සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
සිරංගිකා ලොකුකරවිට